මා රිදවා අදුරේ දාලා
ඈ මිදුනා හද මා පාරා
මේ විලසේ ගෙන දී ශෝකා
ඈ නොදනී මනසේ ඝෝශා

නොනිදා.. හැඩුවා.. රිදෙනා.. සිතිනා
මා ඔබෙමයි සසරේ සැමදා

පාලුව ගෑවෙන රෑ සීතේ
ඈ රුව සිහිවී සිත පෑරේ
සසරේ හමුවෙමු අපි ආයේ
රකිමී පණ සේ ඔබ මාගේ
තරහා නෑ ඔබ හා.. ඉන්නම් දුක ඉවසා

නොනිදා.. හැඩුවා.. රිදෙනා.. සිතිනා
මා ඔබෙමයි සසරේ සැමදා

ඈ ගැන සිතනා හැම වාරේ
ඈතට දිව යයි සිත මාගේ
අදුරේ ගිලෙනා සද වාගේ
සොදුරේ ඔබ නෑ මගෙ ලෝකේ
තරහා නෑ ඔබ හා.. ඉන්නම් දුක ඉවසා

නොනිදා.. හැඩුවා.. රිදෙනා.. සිතිනා
මා ඔබෙමයි සසරේ සැමදා


Comments