ආදරය

ඔයා ලැබෙන්න කලින් මමත් හිතුවා
ආදරේ කියන්නේ ළඟ දැවටිලා
හැමදාම මුණගැහිලා
කතා බහ කරලා
සතුටින් ඉන්න එක කියලා...
කාලය හැමදේම මේ විදියට වෙනස් වෙයි කියලා

මම දැනන් හිටියෙ නෑ... 

හැමදාම මගෙ ඇස් ඉස්සරහ නොදැකපු
ඔයාව අද මගෙ ජීවිතේම වෙලා
දුරක ඉඳන් ආදරේ බෙදාගන්න පොරකනවා
දැන්නම් මට හිතෙනවා
ආදරේ මේ තරම් සුන්දරයිද කියලා.... 

Comments