පාලු සොහොන්පිටියක් ලග,
මාත් මගෙ සිතත් දවසක,
මලගම් යාවි.
එත්
එ වගේ දවසට,
පාලු වෙයි මගෙ දෙන ලග,
“අනේ''
වත් කියන්නට,
ඔබ ලග නොසිටිවි.
ඔබ ලග නොසිටිවි.
ඔබට පෙම් බැන්ද වරදට,
ඔබෙන් රිදුම් ලද තරමට,
මෙසෙ සිරවෙලා දෙන තුල,
ගිනි ඇවිලෙවි.
අනේ ඔබ ඇවිත්,
ඇවිලෙන මගෙ දෙන දිහා බලමින්,
සුසුම් පොදක් වත් හෙලුවොත්,
පිං සිදුවෙවි.
ගිනි ඇවිලෙවි.
අනේ ඔබ ඇවිත්,
ඇවිලෙන මගෙ දෙන දිහා බලමින්,
සුසුම් පොදක් වත් හෙලුවොත්,
පිං සිදුවෙවි.
යලිත් උපදිනා භවයක,
මතුත් ඔබ සොයා එන්නට,
පතාගෙන ඉතින්
මා ලොව අතහැර යාවි.
අනේ එ වගෙ දවසට,
මෙසේ රිදවලා මා සිත,
තලාපෙලා නොදැමුවොතින්,
පිං සිදුවෙවි. . . . . . .

Comments
Post a Comment