සුළඟ නුඹ වගේ සිත් මල වටා එතී
මල් සුවඳ හොර හොරෙන් අරං යන්නටම හදයි
වැස්ස නුඹ වගේ සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම පුදුමයක් තමයි
සිත හැඳිනුවෙත් නුඹයි
පසුපසම එලව එලවාවිත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරං ගියා
පුදුමයක් නොවෙයි
සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි

Comments
Post a Comment