යායෙ මදු මල් පිබිදිලා
සිසිල් පිණි කැට විසිරිලා
සමනලුන් එයි තටු සලා
වසන්තය ඇත එළඹිලා

සිතේ පෙම් මල් පුබුදලා

සිනාසෙන්නට මුව පුරා
සිටියමුත් සිත මග බලා
සරත් සමයත් එළඹිලා


සිහින අහසක නැවතිලා
පැතුම් මල් පරවෙනු බලා
හඬයි හදවත තනි වෙලා
නුඹට නැහැ එය තේරිලා

Comments