පුංචි ඇස්දෙක කදුලූ පුරවන්
තවම මග බලනවා ඇතී
ඒ උනත් මට එන්න බැරි බව
ඔයා තවමත් දන්නැතී
මැරෙන්නට මොහොතක් තියා හරි
ඔබ සොයාගෙන එන්නෙමී
ඒකටත් ලොකු කාලයක් ඇත
කොහොම හරි හිත රවටමී
පේ‍්‍රමයේ උත්තරීතර බව පසක් කරගෙන හොදටම
කාලයේ වැලි තලා යටවී ම්යැදුනත් අපි සදහට
ආදරේ පෙම් කතාවලටත් එකතුවී ඇත අප ගැන
හඩාවැටුනත් හඩන්නට බෑ හිතන්නේ මම ඔබ ගැන
දහසකුත් බාධක තියාගෙන පේ‍්‍රම කරනා ඔය හිත
දාලා යන්නේ කොහොමදැයි මට ලියා දෙනවද මතකය
සැකය කියනා වචනෙ ගැනවත් හිතෙන්නේ නෑ තව මට
නිදාවැටුනත් නින්ද යන්නෑ හිතන්නේ මම ඔබ ගැන

Comments
Post a Comment