නුපුරුදු ඔබ දුටු පළමු දිනේ
සුපුරුදු ලෙස පෙනුනා
කෙදිනක හෝ විය පුරුදු ඇති
සුසුම් සුවද දැනුනා
මට සුසුම් සුවද දැනුනා

පෙර කිසිදා ඔබ හමුවී නැති බව 
ඉදුරා කියත හැකි
හමුවී ඇත්නම් ඒ පෙර සසරේ 
යුගයක වෙන්න ඇති

යුගයක වෙන්න ඇති
බවයෙන් බවයට පැතුම් පතා ගෙන 
ඔබ මා ආවාදෝ
ඉසුරුමුණියේ පෙම් දැහැන රකින්නට 
අපි මෙහි හමුවිදෝ

Comments